නුවරඑළිය නගරයේ සිට බදුල්ල දක්වා නුවරඑළිය _ බදුල්ල 311 බස් මාර්ගයේ සුකෝපභෝගී බස් රථ සදහා ඌව පළාත් සබාව මගින් අත්තනෝමතික ලෙස ධාවන බලපත්ර ලබා දිමට එරෙහිව කැප්පෙටිපොල ලංගම ඩිපෝවේ සහ මාර්ග කිහිපයක පෞද්ගලික බස් රථ සංගම්ද එක්ව අද (06 දා ) බස් රථ ධාවනයෙන් ඉවත්ව වර්ජනයක නිරත විය.
අද පෙරවරුවේ නුවරඑළිය _ බදුල්ල මාර්ගයේ හා වැලිමඩ _ බන්ඩාරවෙල මාර්ගයේ ආරම්භ කර තිබූ මෙම බස් වර්ජනයට දහවල් වන විට වැලිමඩ නගරයෙන් ගමන් ආරම්භ කරන සෙසු මාර්ග වල බස් රථද එක්විය. බස් රථ වර්ජනය හේතුවෙන් දෛනික කටයුතු සදහා වැලිමඩ නගරය වෙත පැමිණි පිරිස් හා පාසල් නිම කර නිවෙස් බලා යෑමට පැමිණි පාසල් දරු දැරියන්ද දැඩි අපහසුතාවයට පත්විය.
වර්ජනය සදහා එක්වි සිටි වර්ජකයන් කියා සිටියේ මෙම බලපත්ර දීම අවලංගු කරන තෙක් තම වර්ජනය දිගටම ක්රියාත්මක කරන බවයි.