ඌව පරණගම අඹගස්දෝව කුමාරපට්ටිය ග්‍රාම නිළධාරි වසමේ වැව් රක්ෂිතයක අනවසර පදිංචි කරුවන් උසාවි නියෝගයක් මත ඉවත් කිරීමට යෑමේදී අද දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.
නිවාස අහිමිවූවන් ප්‍රකාශ කලේ මෙම නිවාස වල වර්ෂ සියයකට ආසන්න කාලයක් තමන් දිවි ගෙවු බවත් මෙම වැව කිසිදු ප්‍රයෝජනයකට නොගන්නා ගොඩවූ කුඩා භූමියක් බව පවසන නිවාස අහිමිවූවන් ප්‍රාදේශීය ලේකම් වරයා පෞද්ගලික අරමුණක් වෙනුවෙන් තමන් මහ පාරට ඇද දැමූ බවය.මෙහිදී සමහර නිවාස වලට උසාවි නියෝග නොමැතිව කඩා දැමිමට ප්‍රාදේශීය ලේකම් වරයා පැමිනියේයැයි පවසා ප්‍රාදේශීය ලේකම් වරයාට බැණ වදිමින් අසරණ වූ ජනතාව සිය විරෝධතාවය එල්ල කලේය.වැව් රක්ෂිතයේ තවත් නිවාස තිබියදී ඒවා ඉවත් නොකර හිතවතුන්හට මාර්ගයක් ලබා දිමට මෙම අපරාධය සිදු කල බැව් ඔවුහු කියති.
මේ අවස්තාවේදී ප්‍රාදේශිය ලේකම් වරයාද නිවාසවල ගඩොල් ගලවමින් ඒවා ඉවත් කරන ආකාරය රැස්ව සිටි පිිරිසගේ දෝෂ දර්ශනයට සහ දැඩි හාස්‍යයට ලක් විය. ( වීඩියෝව බලන්න )