ඌව පරණගම අඹගස්දෝව නගරයේදී කුමාරරපට්ටිය ජනතාව ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් වරයා වර්ෂ 100 ක් පමණ තම පවුල් ජීවත්වු නිවාස වලින් ඉවත් කල බව පවසා දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
නිවාස වලින් ඉවත් වීමට නියමිත පිරිස සහ ඔවුන්ගේ සහයට පැමිණි ප්‍රදේශවාසින් මෙම විරෝධතාවයට එක්ව සිටියහ.
මෙහිදී විරෝධතා කරුවන් ප්‍රකාශ කලේ තමන් පරම්පරාගණනක් ජීවත්වු නිවාස වැව් රක්ෂිතයක් යැයි පවසා ප්‍රාදේශිය ලේකම් වරයා විසින් වෙනත් අයෙකුට හිතුවක්කාරි ලෙස පාරක් ලබා දීමේ අරමුණින් තමන් ඉවත් කල බවය. තවද වැව් රක්ෂිතයේ වෙනත් අනවසර අය සිටියදී තමන් පමනක් පලිගැනීම සදහා ඉවත් කරන බවද ඔවුන් කියති. විරෝධතාවය පැවැත්වෙන අතරතුර ප්‍රාදේශිය ලේකම් වරයා තම නිළරථයෙන් ගමන් කරන විට විරෝධතා කරුවෝ හූ කියන්නට පටන් ගත්තේය.
මේ පිළිබදව ඌව පරණගම ප්‍රාදේශිය ලේකම් චමිල ඉංදික ජයසිංහ මහතා ප්‍රකාශ කලේ කොට්ඨාශයේ සියළුම රක්ෂිත ආරක්ෂා කිරීමට නීතිමය කටයුතු කරන බවත් මෙම ඉවත් කිරීමද නීත්‍යනුකුලව සිදු කර ඇති බවත්ය.