Home / Uncategorized / අනියම් පෙම මරණයෙන් කෙලවර වේ (Photos)

අනියම් පෙම මරණයෙන් කෙලවර වේ (Photos)

ඌව පරණගම දිඹුලන ප්‍රදේශයේදී සිය අනියම් බිරිද ඝාතනය කර ප්‍රදේශයෙන් පලා ගිය අනියම් සැමියා සහ ඔහුගේ බිරිද අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ.

ඊයේ ( 19 දා ) සවස 5 ට පමණ මියගිය කාන්තාව තම නිවසේ තනියම සිටින විට ඇගේ ගෙල තියුණු ආයුධයකින් කපා මෙම ඝාතනය සිදු කර ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලින් හෙලිව තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි තිදරු මවකි. මිය ගිය තැනැත්තිය හා තිදරු පියෙකු වන ඝාතන සැකකරු අතර දීර්ඝ කාලයක් අනියම් සබධතාවයක් තිබී ඇති අතර ඝාතනය සිදුවූ දින යම් කරුණකට ඔවුන් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුව ඇති බව වාර්තාවේ.

සිද්ධිය සම්බන්ධව මේ වන විට බණ්ඩාරවෙල කොට්ඨාශ භාර පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් පරිදි ඌව පරණගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කේ.එල්.එම්. ජනකප්‍රිය මහතාගේ මූලිකත්වයෙන් පරික්ෂණ ආරම්භ කර තිබේ.

1 (1)

1 (2)

2

3

uvs170820-003

uvs170820-005

uvs170820-008

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *