(ආර්.කෝගුලන්)
උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා කොටසේ සේවය කරන සේවකයෙකුට ඉරාන ජාතිකයන් පහර දීම හේතුවෙන් සේවකයෙක් මේ වන විට වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සටි.
උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා TANA අංශයේ සේවය කරන සේවකයන්ගේ අදාල වැටුප් ලබා දෙන්නේ සෑම මසකම 10 දිනයටයි.
නමුත් පසුගිය මාසයට අදාල වැටුප් නියමිත දිනයට ලබා නොදීම නිසා ඇතිවූ විරොධතාවයත් සමග ඉකුත් 17 දා කොටසකගේ වැටුප් ගෙවීමට අදාල අංශය තීරණය කර තිබුනද සෙසු සේවකයන්ගේ වැටුප් ගෙවීමට ඔවුන් ඉදිරිපත් නොවීම නිසා සේවකයෝ දැඩි අපහසුතාවයත්හට ලක්ව සිටියි.
මෙි සම්බන්ධව සාකච්ඡා කර තම හිඟ වැටුප් මුදල් ලබා ගැනීමට TANA අංශයේ කාර්යාලයට ගිය සේවකයෙක් හට එහි නිලධාරින් දැඩි ලෙස පහර දීම හේතුවෙන් තුවාල ලැබූ තරුණ සේවකයෙකු වැලිමඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මෙම සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
මෙම සිද්ධිය දුරදිග යෑමත් සමගම උමා ඔය ව්‍යාඍතියේ ඩයරබා TANA අංශයේ වැඩ කටයුතු ඊයේ දිනයේ සිට නැවතී ගොස් ඇතැයි වාර්ථා වෙි.
මෙහි සේවය කරන සේවකයන් 204 දෙනෙකු හට තව දුරටත් රැකියාව ලබා නොදන බව එහි නිලධාරියෙක් කීවා යැයි එහි සේවකයෝ කීවෙිය.
මෙම සේවකයන් උමා ඔයේ සේවයේ යෙදෙන්නේ MAN POWER ආයතනය හරහාය.