වැලිමඩ මූලික රෝහලේ පවතින වෛද්‍ය වරුන්ගේ හිගයට බලධාරින්ගෙන් පිළියම් ඉල්ලා රෝහලේ වෛද්‍යවරු අද වර්ජනයක හා විරෝධතාවයක නිරත විය.
උදෑසන සායන කටයුතු නවතා වෛද්‍යවරුන් වර්ජනයේ නිරත වූ අතර ප්‍රධාන ගේට්ටුවට අබියසට පැමින විරෝධතා පුවරු රැගෙන විරෝධතාවයේ නිරත විය. රෝහල් භූමියේ කළු කොඩි ඔසවා විරෝධතා පොස්ටර් අලවා තිබූ අතර අත්‍යවශ්‍ය හදිසි ප්‍රතිකාර වල පමණක් වෛද්‍යවරු නිරත විය.
මෙහිදි අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ වැලිමඩ ශාඛාවේ ලේකම් නාමල් ප්‍රේමරත්න මහතා
“ ඌව පරණගම හා වැලිමඩ මැතිවරණ කොට්ඨාශවල දෙලක්ෂයක පමණ ජනතාවකට තියෙන්නේ මේ රෝහල. වෛද්‍යවරු 41 ක් අවශ්‍ය වුනත් ඉන්නේ වෛද්‍යවරු 21 යි. මේ හේතුවෙන් රෝගින් මෙන්ම වෛද්‍යවරුද දැඩි අපහසුතාවයකට පත්ව ඇතැයි කිහ.
රජයේ වෛද්‍ය නිළධාරි සංගමයේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් පාලිත රාජපක්ෂ මහතා
“ මේ ගැටළුව පිළිබදව දිගින් දිගටම බලධාරින් දැනුවත් කලත් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ සටනට අපිට ප්‍රදේශයේ ජනතාවත් සහය දක්වන්න ඕනි. බලධාරින් ඉදිරි දින කිහිපය තුල ලබා දුන්නේ නැත්නම් අවශ්‍ය වෘත්තිය ක්‍රියාමාර්ග අපි ගන්නවා.