Home / Uncategorized / වැලිමඩ සති පොලට කුනු දමා රජ කාලේ දඩුවමක් (Photos )

වැලිමඩ සති පොලට කුනු දමා රජ කාලේ දඩුවමක් (Photos )

වැලිමඩ සති පොල වෙත රාත්‍රි කාලයේදි විශාල කසල තොගයක් රහසිගතව බැහැර කල ව්‍යාපාරිකයෙකු හට එම කසල තොගය දිනක් පුරා වර්ග කර ඉවත් කිරීමට සිදුවිය.

මෙසේ සිදුවුයේ වැලිමඩ බැලුන්ගල ප්‍රදේශයේ රොටී කඩේ නමින් ප්‍රකට ආපන ශාලා හිමිකරුහටය.

මෙම ආපන ශාලා හිමියා තම ආපන ශාලාවේ විශාල අපද්‍රව්‍ය තොගයක් රාත්‍රි කාලයේදි ලොරි රථයකින් වැලිමඩ ප්‍රාදේශිය සභාවට අයත් වැලිමඩ නගරයේ පිහිටි සති පොල භුමිය වෙත ගෙනවිත් දමා තිබේ.

ප්‍රාදේශිය සභාවේ නිළධාරින් මෙම කසල තොගයේ වු ලියකියවිළි පරික්ෂා කර බලා ඒ අනුව මෙම කසල තොගය ගෙනවිත් දැමු අදාල ව්‍යාපාරිකයා සොයා ගෙන තිබේ. අනතුරුව ප්‍රාදේශීය සභාවේ නියෝගය මත දිනක් පුරා තම සේවකයන් සමග කුණු ගොඩ වර්ග කර ඉවත් කිරීමට මෙම ව්‍යාපාරිකයාහට සිදුවිය.

මෙහිදී මෙම ව්‍යාපාරිකයා හට වැලිමඩ පොලිසිය මගින් නඩු පවරනු ලැබිය.

20170802_135121

20170802_135125

20170802_135152

20170802_135155

20170802_135441

20170802_135945

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *