වැලිමඩ ගවරම්මාන නිල්ඇල්ල වැව සහ අවට රක්ෂිතයේ කොටස් ප්‍රදේශයේ මල් වගා කරන සමාගම් අල්ලා ගැනීමට එරෙහිව ප්‍රදේශයේ ගොවි ජනතාව නිල්ඇල්ල වැවෙදී විරෝධතාවයක නිරත වූහ.
ගොවීන් ප්‍රකාශ කරන්නේ මෙම වැව මගින් ජලය ලබා ගෙන කුඹුරු අක්කර දහසක පමණ වී , අර්තාපල් සහ උඩරට එළවළු වගා කර තමන් ජීවිකාව කරගෙන ගිය බවයි.
දැනට වර්ෂයක පමණ කාලයක සිට වැවට හා ජල පෝෂක ප්‍රදේශයට ඉහලින් මල් වගා කරන සමාගම් විසින් වැව සහ වැව් රක්ෂිතයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවය. තවද මල් වගා කරන සමාගම් රක්ෂිත ඉලක්ක කර ගෙන නල ළිං මහා පරිමාණයෙන් සෑදීම නිසා වැවද සිදී ගොස් ප්‍රදේශයේ බීමට හා වාගාවන්ට ජලය ලබා ගන්නා වැව් සහ ළිං සිදී ගොස් ඇති බවය.
ජීවත් වීමට ක්‍රමයක් නොමැතිව මේ මහා පාරිසරික විනාශය හේතුවෙන් තමන් දැඩි ලෙස අසරණ වී ඇති බව පවසන ප්‍රදේශවාසින කොපමණ දැණුවත් කලද ප්‍රදේශයේ වග කිව යුතු නිළධාරින් අන්ධයන් සහ බිහිරන් සේ මුණිවත රකින බවට චෝදනා නැගුහ.සමාගම් වල මුදලට ගිජු වු ඇතැමි නිළධාරින් මේ මහා විනාශයට උඩගෙඩි දෙන බවද විරෝධතා කරුවෝ පැවසුහ.
මෙහිදි විරෝධතා කරුවෝ මල් සමාගම විසින් වැව සහ රක්ෂිතය අත්පත් කර ගනිමින් ගසා තිබූ කොන්ක්‍රීට් වැටවල්ද කඩා බිද දැමූහ.