කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්රි තැපැල් දුම්රිය හැටන් – කොටගල දුම්රිය ස්ථාන අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වි තිබේ. පිලි පැනිමෙන් දුම්රිය මැදිරි හතරකට අලාභ හානි සිදුවි ඇති බව දුම්රිය දෙපාර්තුමේන්තු ආරංචි මාර්ග කිියයි.
අද (13) අලූයම 2.00 ට පමණ මෙම පිලි පැනිම සිදුවි තිබේ.
දුම්රියේ සෙසු මැදිරි ගලවා බදුල්ල දක්වා එම දුම්රිය ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කරන තෙක් හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය ධාවන නතර කිරිමට දුම්රිය පාලක මැදිරිය කටයුතු කර ඇත. එම දුම්රිය මැදිරි වල රෝද ගැලවි පාලමෙන් පහලට වැටි ඇති බව ද දුම්රිය පාලක මැදිරිය කියයි.
අද (13) කොළඹ කොටුවේ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිත රාත්රී තැපැල් දුම්රිය හා බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය ධාවනය නොකරන බව දුම්රිය පාලන මැදිරිය පවසයි.
(ක.කිෂාන්තන්)