අද පෙරවරු 9 ට පමණ උමා ඔයෙහි වැලිමඩ ජාතික පාසල අසල දිය නෑමට ගිය එකම පවුලේ තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ ඌව පරණගම මොරගොල්ල ප්‍රදේශයේ පදිංචි කේ. පුෂ්පාවතී (32 ) , අැගේ දියනිය වන ලෙලිනි ( 2 – 1/2 ) හා ඇගේ මව වන කේ. කරුපයි ( 81 ) යන අයයි.
අද උදෑසන 8 ට පමණ අනතුරට ලක්වූ අය දිය නෑමට පැමින මෙම අනතුරට ලක්ව ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිව තිබේ. ස්ථානිය පරික්ෂණයක් කල වැලිමඩ වැඩ බලන මහේත්‍රාත් චමිපික දිසානායක මහතා දේහයන් වෛද්‍ය පරික්ෂණ සදහා වැලිමඩ මූලික රෝහලට යොමු කලහ.