Home / Uncategorized / පිස්සු දොස්තර වෘක්කයා මාධ්‍යවේදියාගේ ඇඟට පනී (Video)

පිස්සු දොස්තර වෘක්කයා මාධ්‍යවේදියාගේ ඇඟට පනී (Video)

බදුල්ල දෙයියන්වෙල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරක් වාර්තා කිරිමට ගිය මාධ්‍ය වේදී ජයලත් දිසානායක මහතාගේ රාජකාරියට බාධා කර ඔහුට පහරදුන් බදුල්ල මහ රෝහලේ වෛද්‍ය වරයාගේ ක්‍රියාව බදුල්ල නිවුස් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකී.

වෛද්‍ය වරයෙක් වීමට ඉතා ඉහල සුදුසුකමක් තිබිය යුතු බවට කෑ ගසන වෛද්‍ය වරුන්ට පැවසීමට ඇත්තේ මෙවන් වෛද්‍ය වරුන්ට ඇත්තේ කුමන සුදුසු කමක්ද යන්නය. වෛද්‍ය වරයෙක් වෛද්‍ය වෘත්තිය ගැන පමණක් නොව අනෙක් වෘත්තීන් ගැනත් සමාජය ගැනත් මනා දැණුමකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත්ය.

මාධ්‍ය වේදියාගේ වගකීම ජනතාවට තොරතුරු දැන ගැනීමට සැලැස්වීමයි. ඒ අයිතිය තොරතුරු දැන ගැනීමේ පනත මගින්ද වත්මන් රජය ජනතාවට ඉඩ සලස්වා ඇත. අනතුරක් සිදුවූ විට එය වෛද්‍ය වරයෙක්ගේද වෙනත් අයෙකුගේද යන්න මාධ්‍ය වේදියාට අදාල නොවේ. මාධ්‍ය වේදියා අදාල ප්‍රවෘත්තිය නිවැරදිව වාර්තා කිරීමටයි උත්සහ කරන්නේ. සමහරු හිතාගෙන සිටින්නේ තමන් අතෙන් වැරදි සිදු වන්නේ නැත. සාමාන්‍ය ජනතාව අතින් පමණයි වැරදි වන්නේ කියා. දොස්තරලා අතින් සිදුවන අනතුරු අනතුරක් බවට සදහන් කිරීම වරදක්ද? එසේත් නැත්නම් මෙම වෛද්‍ය වරයා හොර ගමනක් වත් ගියා වත්ද? ඒබව අන් අය දැන ගනියි කියලා මේ බව වසන් කිරීමට මාධ්‍ය වේදියාගේ රාජකාරියට බාධා කලාද?

වෛද්‍ය වෘත්තිය ඒ අය උසස් වෘත්තියක් ලෙස සිතනාවා සේම මාධ්‍ය වේදියාටද තම මාධ්‍ය වෘත්තිය උසස්ය. මාධ්‍ය වේදියා රෝගින්ට ප්‍රතිකාර ලබා දෙන්නට යන්නේ නැත. මාධ්‍ය වේදියා කර ඇත්තේ ඒමහතාගේ රාජකාරියයි. තම වෘත්තිය ගැන පමණක් සිතන මෙවන් වෛද්‍ය වරුන් වෛද්‍ය වෘත්තියටම නිගාවකි.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *