නුවරඑළිය සිට පට්ටිපොල දක්වා ධාවනය වූ නුවරඑළිය ලංගම ඩිපෝවට අයත් බස් රථයක් නුවරඑළිය වැලිමඩ මාර්ගයේ කටුමාන ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යෑමෙන් එහි ගමන් ගත් මගීන් 23 දෙනෙකු තුවාල ලබා ප්රතිකාර සදහා නුවරඑළිය මුලික රෝහලට ඇතුලත් කර ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි.
අද (18 දා ) පස්වරු 2.30 ට පමණ සිදුවූ මෙම අනතුරින් පාසල් ළමුන් කිහිප දෙනෙකුද තුවාල ලබා ඇති අතර මාර්ගයෙන් ඉවතට පැන්න බස් රථය අඩි 50 ක පමණ ප්රපාතයකට පෙරලී තිබේ.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියදුරු අසුන ලග පිහිටි දොර විවෘත්ත වී ඇති අතර එම දොර වැසීමට උත්සහ දැරීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බව මූලික පොලිස් පරික්ෂණ වලින් අනාවරණය වී තිබේ.
මෙම අනතුරින් බස් රථයේ කොන්දොස්තර වරයා , බස් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයින් 15 දෙනෙකු , කාන්තාවන් 04 දෙනෙකු හා පාසැල් ළමයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්රතිකාර සදහා නුවරඑළිය රෝහලට ඇතුලත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධව නුවරඑළිය මූලස්ථාන පොලිසිය විසින් වැඩි දුර පරික්ෂණ සිදු කරති.