තනි දුම්වැටි අලෙවිය සහ පාසල් අවට මීටර 500ක් ඇතුළත දුම්වැටි අලෙවිය තහනම් කිරීමට නව නීති ගෙන එන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කර ඇති බව ය.
ඉදිරියේදී කිසිදු දුම්වැටි සමාගමක් ලියාපදිංචි කිරීමට අවස්ථාවක් ලබා නොදෙන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.
දුම්වැටි සහ මධ්‍යසාර භාවිතයෙන් වසරකට මෙරටට අහිමි වන ජීවිත සංඛ්‍යාව 25000කි.