වැලිමඩ දිවිතොටවෙල ෆැමිලි ෆාම් කාබනික පොහොර ව්‍යාපෘතිය බදුල්ල දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිංහ මහතාගේ නිරීක්ෂණයට යොමුවිය.
කාබනික ගොවිතැනට ප්‍රමුඛතාවය දිය යුතු යුගයක් එළඹ ඇතැයි පැවසු දිසාපති වරයා මෙවැනි ව්‍යාපෘති සැවොම සහය දී ඉහල නැංවිය යුතු බවත් මෙවැනි නිෂ්පාදකයන් අගය කල යුතු බවත් පැවසීය.
කාබනික පොහොර නිෂ්පාදකයා වන සරත් විමලවීර මහතාගේ ආරාධනයෙන් බදුල්ල දිසාපති වරයා පැමිණ සිටි අතර සරත් විමලවීර මහතා මෙහිදී ගොවීන්ගෙන් වැඩි ඉල්ලුමක් ඇති තමන් විසින් නිෂ්පාදනය කල දියර පොහොර වර්ගයද දිසාපති වරයාට හදුන්වා දුන්නේය.
මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් දිවිනැගුම අධ්‍යක්ෂ ඩබ්.එම්.පී.විජයබණ්ඩාර මහතා සහ වැලිමඩ ප්‍රාෙද්ශීය ලේකම් එන්.එම්.ඥාණවතී මහත්මිය ඇතුළු නිළධාරින් පිරිසක්ද එක්ව සිටියහ.
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්.කුමාරගේ )