Home / Uncategorized / උඩුමුල්ලේදී බස් රථ දෙක එකට ගැටී 4 ක් රෝහලේ ( Photos )

උඩුමුල්ලේදී බස් රථ දෙක එකට ගැටී 4 ක් රෝහලේ ( Photos )

අද පස්වරු 1 ට පමණ වැලිමඩ නුවරඑළිය මාර්ගයේ උඩුමුල්ල ප්‍රදේශයේදී ලංගම බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් සිවු දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

වැලිමඩ සිට නුවරඑළිය බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කැප්පෙටිපොල ඩිපෝවේ සිට වැලිමඩ දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මෙලෙස අනතුරට ලක් විය.

තුවාල කරුවන් වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර බරපතල තත්වයේ පසුවූ පෞද්ගලික බස් රථයේ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහා රෝහල වෙත මාරු කර යවා ඇත.

අනතුරින් බස් රථ දෙකටද දැඩි අලාභ හානි සිදුව ඇති අතර අනතුර සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.

1

2

3

4

5

6

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *