ඌව පරණගම මස්පන්න ප්‍රදේශයේ දී සුරාපානය කර තම මිතුරා ඝාතනය කර සිරුරට ගිණිතැබුවේ යැයි සැකපිට පුද්ගලයෙකු ඌව පරණගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ රාත්රියේදී මෙම සිදුවීම සිදුව තිබෙන අතර මෙසේ මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පස් දරු පියෙකු වන අතර අත්අඩංගුවට පත්ව ඇත්තේ ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන 47 හැවිරිදි අවිවාහකයෙකි.
සැකකරුගේ නිවස තුලදී රාත්‍රියේ මත් පැන් පානය කර මෙම ඝාතනය සිදු වන්නට ඇතැයි මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලිව ඇති අතර ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මළ සිරුර පිළිස්සුම් තුවාල සහිතව සැකකරුගේ නිවසේ ඇදක් මත තිබියදී හමුව තිබේ.
උදෑසන තම මිතුරා පිළිස්සී මිය ගොස් ඇති බවට සැකකරු පැවසීමෙන් පසු පොලිස් පරික්ෂණ ආරම්භව තිබේ.
වැලිමඩ අධිකරණ වෛද්‍ය නිළධාරි කසුන් බණ්ඩාර මහතා විසින් අදාල ස්ථානයේ පරික්ෂනයක් සිදු කල අතර වැලිමඩ වැඩ බලන මහේස්ත්‍රාත් සුනෙත් බණ්ඩාර ඒකනායක මහතා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණය අදාල ස්ථානයේදී සිදුකරන ලදී. දේහය වැඩි දුර පරික්ෂන සදහා බදුල්ල මහ රෝහල වෙත යොමු කරන ලදී.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )