වැලිමඩ යල්පත්වෙල ප්‍රදේශයේ වර්ෂ 35 කට අධික කාලයක් ප්‍රදේශයේ ජනතාව ක්‍රීඩා කල වොලිබෝල් ක්‍රීඩා පිටිය සම්බන්ධව ඇති වූ ගැටළුවකදී වැලිමඩ පොලිසියේ පොලිස් ස්ථානාධිපති වරයා පක්ෂග්‍රාහිව කටයුතු කල බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව වැලිමඩ _ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගය පැයකට අධික කාලයක් අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවයේ නිරත විය.
මෙහිදී ප්‍රදේශවාසීන් ප්‍රකාශ කලේ පරම්පරා ගණනක් ගම්වාසින් ක්‍රිඩා කල ක්‍රීඩා පිටිය එවකට මෙම ඉඩමේ හිමිකරු විසින් තමන් හට පරිත්‍යාගයක් වශයෙන් ලබා දුන් බවය. මේ වන විට මෙම ඉඩම අයත් වත්මන් ව්‍යාපාරිකයා ඉඩමේ අයිතිය ප්‍රකාශ කර නීතිය හමුවට ගොස් ඇති බවත් එහිදී වැලිමඩ පොලිස් ස්ථානාධිපති වරයා එම ව්‍යාපාරිකයාගේ පැත්ත ගෙන කටයුතු කල බවට විරෝධතා කරුවෝ පැවසුහ.
මෙම විරෝධතාවයේදී පොලිසිය හා විරෝධතා කරුවන් අතර දැඩි උණුසුම්කාරි තත්වයක් ඇති වූ අතර මාර්ගයේ රථ වාහන ගමනා ගමනය පැයකට අධික කාලයක් නතර වී තිබින.
සිද්ධිය පිළිබදව උසස් පොලිස් කිළධාරියෙකු ප්‍රකාශ කලේ අදාල ව්‍යාපාරිකයාට ඉඩමේ අයිතිය පිළිබදව නීතිමය අයිතියක් ඇති බවත් නිතිමය තත්වය උඩ සාධාරණව පොලිසිය කටයුතු කර ඇති බවත්ය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )