Home / Uncategorized / වැලිමඩ නගරයේ පොලිස් මුරපොලත් වට කර අනවසර ඉදිකිරීමක් (Photos )

වැලිමඩ නගරයේ පොලිස් මුරපොලත් වට කර අනවසර ඉදිකිරීමක් (Photos )

වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොලෙහි පිහිටි පොලිස් මුර පොලද පිටුපසින් වටකර අනවසර ඉදිකිරීමක් ඉදිකරමින් පැවතියද මෙතෙක් එය ප්‍රාදේශීය සභා බලධාරින්ගේ අවධානයට යොමු නොවීම හාස්‍යයට කරුණක් බැව් ජනතාව කියයි.

ප්‍රධාන බස් නැවතුම් පොලේ මෙම පොලිස් මුර පොළ පිහිටා ඇති අතර එයට යා කර ඇති ප්‍රාදේශීය සභා වෙළද සැල පුළුල් කරමින් මෙම කටයුත්ත සිදුවේ. එම වෙළද සැලේ පිටුපස කොටස විශාල කර පොලිස් මුර පොලෙහි පිටුපස බිත්තියද වසා මහල් සහිතව මෙම ඉදිකිරීම කර ගෙන යති.

උමා ඔය ආසන්නයේ ප්‍රධාන බස් නැවතුම් පොල පිහිටා ඇති අතර ඔයෙහි ඔය සහ බස් නැවතුම් පොල අතර ප්‍රධාන ආරක්ෂිත බැම්ම පවතින අතර ආරක්ෂිත බැම්මටද හානි වන ලෙස මෙම ඉදිකිරීම ආරක්ෂිත බැම්ම අසලටම සිදු කර තිබේ.

මේ පිළිබදව වැලිමඩ ප්‍රාදේශීය සභාවේ ලේකම් වරයාගෙන් විමසු විට ඔහු කියා සිටියේ මෙම වෙළද සැලෙන් සභාවට මාසිකව කුලිය ලැබෙන බවත් මෙවන් ඉදිකිරීමක් සම්බන්ධව කිසිවෙකු තමන්ව දැණුවත් කර නොමැති බවය.

1

2

3

4

5

6

7

8

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *