වැලිමඩ ප්‍රධාන බස් නැවතුම් පොලෙහි ඇතුලත රථ වාහන ගාල් කිරීම නිසා මගී ජනතාව දැඩි අපහසු තාවයට පත්ව තිබේ.
දීර්ඝ කාලයක් තිස්සේ බස් නැවතුම්පොල ඇතුලත යතුරුපැදි හා ත්‍රි රෝද රථ ගාල්කරන ස්ථානයක් බවට පත්ව ඇති බව පවසන මගී ජනතාව මේ හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කියති.
බස් නැවතුම්පොලේ යට කොටසෙහි රථ වාහන ගාල් කිරීමට අවශ්‍ය තරම් ඉඩ පහසුකම් තිබියදී මෙසේ විවිධ පුද්ගලයන් ප්‍රධාන බස් නැවතුම්පොල ඇතුලත රථ වාහන ගාල් කිරීම කණගාටුවට කරුණක් බව ජනතාව කියයි.