වැලිමඩ ගුරුතලාව ප්‍රදේශයේ පහලොස් හැවිරිදි දැරියක් ගැබිණියක් කල හැටපස් හැවිරිදි පුද්ගලයෙකු සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර තිබේ.
ගුරුතලාව ප්‍රදේශවාසියෙකු වූ හැටපස් හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු දැරියගේ ඥාතියෙකු වන අතර දැරියගේ නිවසට පැමිණ දැරියගේ මව නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී මෙම අතවරය සිදුකර ඇතැයි අදාල දැරියගේ මව වැලිමඩ පොලිසියට කල පැමිණිල්ලේ සදහන් වේ.
අතවරයට ලක්වූ දැරිය අසනීප වී ඇති අතර ඇය වෛද්‍ය ප්‍රතිකාර සදහා සිය මව විසින් රැගෙන ගිය අවස්තාවේදී සිදු කරන ලද පරික්ෂණ වලදී දැරිය සති 10 කට පෙර ගැබ්ගෙන ඇතැයි හෙලිව තිබෙන අතර ඇය වැඩි දුර පරික්ෂණ සදහා වැලිමඩ මූලික රෝහලට ඇතුලත් කර තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )