වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ සහ ඌව පරණගම අඹගස්දෝව ප්‍රදේශයේ ඉදිකල නව පොලිස් ස්ථාන විවෘත කිරීම දිනෙන් දින කල් යෑම හේතුවෙන් ජනතාව මෙන්ම ඒවාට අනුයුක්ත කර සිටින නිළධාරින්ද දැඩි අපහසු තාවයට පත්ව සිටී.
මෙම පොලිස් ස්ථාන ඉදිකර නිළධාරින්ද අනුයුක්ත කර විවෘත කිරීම පොලිස් ඉහල බලධාරින්ගේ දින නොමැති කමින් දිනෙන් දින කල් ගත වන බැව් වාර්තා වේ. මෙම පොලිස් ස්ථාන වලින් බෝගහකුඹුර පොලිස් ස්ථානය සදහා යම් යම් නිත්‍යානුකුල කටයුතු පවරා නොමැති නිසා මහජන පැමිණිලි පවා භාර ගැනීමට නොහැකිව තිබේ.
මෙම පොලිස් ස්ථාන හැකි ඉක්මනින් විවෘත කර මහ ජනතාවට සේවය සැලසීමට ඉහල බලධාරින් කටයුතු කල යුතු බවත් පොලිස් ලොක්කන්ගේ දින ලැබෙන තුරු සිටීමෙන් සේවය කරන පොලිස් නිළධාරින් මෙන්ම මහජනතාවද දැඩි අපහසු තාවයට පත්ව තිබේ.