පොදු වැසිකිළියක් සිහිවන විට බොහෝවිට ඇතිවන්නේ අප්‍රසන්න හැගීමකි. ඒ හැගීම ඇති වන්නේ ශ්‍රී ලංකාවේ පොදු වැසිකිළිවල පවතින අප්‍රසන්න භාවය නිසාය. නමුත් වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම් පොලේ පිහිටි වැසිකිළිය එහි පවතින අලංකාර හා පිරිසිදු භාවය නිසාම ජනතාවගේ ආකර්ශනය දිනා ගෙන තිබේ.
එහි ඉදිරිපස අලංකාර ලෙස මල් වලින් සරසා තිබෙන අතර ජනතාවට ඉද ගැනීම සදහා පුටුද ඇදුම් බෑග් ආදිය සුරක්ෂිතව තබා ගැනීමට වෙනම ස්ථානයක්ද පවතී. මෙහි ඉදිරිපස දැකිය හැකි සුවිශේෂිතම අංගය වන්නේ විශාල ප්‍රමාණයේ අලංකාර මාළු ටැංකි තුනකින් හැඩකර තිබීමය. මෙම මාළු ටැංකි වල සිටින විශාල ප්‍රමාණයේ මාළුන් නෙතට ප්‍රිය ජනකය.
වැසිකිළිය කාන්තා සහ පිරිමි ලෙස කොටස් දෙකකට බෙදා ඇති ඒවාද ඉතා අලංකාරය. ඇතුලත පිරිසිදු භාවයද ඉහලය. තිර රෙදි දමා එහි බිත්ති අලංකාර පින්තූර වලින් හැඩ කර ඇති අතර සංගීත නාදද අසන්නට ලැබේ.
මෙම පොදු වැසිකිළිය පවත්වාගෙන යනු ලබන ටෙන්ඩර් කරු වන අන්වර්ඩීන් මහතා සදහන් කලේ ලැබෙන මුදලට වඩා අලංකාරව හා පිරිසිදුව මෙම ස්ථානය පවත්වාගෙන යෑම තම අරමුණ බවය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )