ඉරිදා පෙරවරු කාලයේ නීති නොතකා හොර රහසේ උපකාරක පන්ති පවත්වනවානම් ඒ පිළිබදව දැණුම් දෙන ලෙස වැලිමඩ ප්‍රාදේශීය ලේකම් ඥාණා නවරත්න මහත්මිය පැවසුවාය.
ඇය එසේ ප්‍රකාශ කලේ වැලිමඩ නැදුන්ගමුව ශ්‍රී උපනන්ද දහම් පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමිනි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ප්‍රාදේශීය ලේකම් වරිය
රජයේ පාසල් වල උගන්වන ඇතැම් ගුරුවරු පඩි මදි කියලා පෞද්ගලිකව උපකාරක පන්ති කරනවා. ඒක ගැටළුවක් නෑ. නමුත් දහම් පාසල් පැවැත්වෙන වේලාවට දරුවන් ඒ සදහා යොමු කර ගන්න හොද නෑ. ඌව පළාත් සභාව මගින් ඉරිදා උදය වරුවේ උපකාරක පන්ති පැවැත්වීම තහනම් කරලා තියෙන්නේ. නමුත් මෙම කාලය තුල හොර රහසේ උපකාරක පන්ති පැවැත්වෙන බව වාර්තා වෙනවා. මේවා කරන අය ගැන අපට දැණුම් දෙන්න. අපි නීතියෙන් කටයුතු කරනවා.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )