Home / Uncategorized / වැලිමඩ නගරයේ සුදු ඉර ගැසීම මාරක අනතුරකට අතවනයි( photos )

වැලිමඩ නගරයේ සුදු ඉර ගැසීම මාරක අනතුරකට අතවනයි( photos )

වැලිමඩ නගරයේ බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් තිබූ කහ ඉර ඉවත් කර ජනතාවට පාර මාරුවීම සදහා සුදු ඉරක් ගැසීමෙන් දැඩි අනතුරු දායක තත්වයක් මේ වන විට උද්ගතව තිබේ.

වැලිමඩ පැරණි පාලම අසල තිබූ කහ ඉර එම ස්ථානයෙන් ඉවත් කර ඉදිරියට ගෙන ගොස් මාර්ගයේ කුඩා වංගුවක් සහිත ස්ථානයක සුදු ඉරක් ඇද තිබේ. මෙම සුදු ඉර පැහැදිලි ලෙස දර්ශණය නොවන අතර මේ හේතුවෙන් රථ වාහන රියදුරන් දැඩි අපහසු තාවයකට පත්ව ඇති අතර ඒ හේතුවෙන් පාර මාරුවන ජනතාවද දැඩි අවධානමකට ලක්ව තිබේ.

එමෙන්ම මෙම සුදු ඉර අසල සිට පාර මාරුවීම සදහා තිබෙන අනෙක් කහ ඉර පිහිටා ඇත්තේ මුස්ලිම් පල්ලිය අසල වන අතර මෙම ඉරි දෙක අතර විශාල දුරක් පවතී. මේ හේතුවෙන් ජනතාව කහ ඉරි දෙක අතර විවිධ ස්ථාන වලින් ඉවක් බවක් නැතුව පහසුව තකා අනතුරුදායක තත්වයක් මත පාර මාරුවන අයුරු දැක ගත හැක.

පාරමාරු වන ජනතාවගේ අවශ්‍යතාවය සදහා යැයි ඉරිගසා තමන් දැඩි අපහසුතාවයට හා අනතුරුදායක තත්වයකට මාර්ග සංවර්ධන අධිකාරියේ අවබෝධයක් නැති බලධාරින් ක්‍රියාකර ඇතැයි ජනතාව කියයි.

1

2

3

4

5

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *