ප්රකාශකල පරිදි ඌව වෙල්ලස්සට ඉංග්‍රීසින් කල විනාශයට ඌව ප්‍රධාන අමාත්‍ය වරයා කටයුතු කල යුතු බවත් එයට අවශ්‍ය සියළු සහය ලබා දෙන බවත් කදුරට ප්රගතිශීලි ජාතික ව්‍යාපාරයේ ජාතික සංවිධායක ප්‍රතාප් ගජසිංහ මහතා පැවසීය.
ඒ මහතා මෙසේ සදහන් කලේ වැලිමඩ බෝගහකුඹුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගජසිංහ මහතා පැවසුවේ ප්‍රධාන අමාත්‍ය වරයාට අවශ්‍ය නම් අවශ්‍ය නිතිවේදීන්ගේ සහය මෙන්ම ඉතිහාසඥයින්ගේ සමයද ලබා දිය හැකි බවය.
එංගලන්ත කිරීටයට විරුද්ධව කරන සටනට ප්‍රධාන අමාත්‍ය වරයා ඌව පළාත් සභාවේ යෝජනාවක් සම්මත කර ගෙන නඩුවක් ගොනු කල යුතු බව පැවසූ ගජසිංහ මහතා එසේ නොවුනහොත් අනාගතයේදී වෙනත් මහ ඇමති වරයෙකු හරහා හෝ සුදු ජාතිකයන් ඌව වෙල්ලස්ට කල විනාශය වෙනුවෙන් සාධාරණය ඉටු කරගන්නා බවද පැවසීය.
වැඩි විස්තර සදහා වීඩියෝව බලන්න
( ප්‍රේමලාල් රත්නායක / එම්.එස්. කුමාරගේ / ආර්. කෝගුලන් )