කොස්ලන්ද උණකන්දේ රක්ෂිතයේ ගංජා හේනක් වටලා රුපියල් කෝටි 4 කට වඩා වටිනාකමකින් යුත් ගංජා තොගයක් විනාශ කල බැව් කොස්ලන්ද පොලිසිය කියයි.
බණ්ඩාරවෙල කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි එච්.එම්. ගුණවර්ධන මහතාට ලැබුණු තොරතුරක් මත කොස්ලන්ද පොලිසිය මගින් මෙම වැටලීම සිදුකර තිබේ.
මෙම ගංජා වගාවේ ගස් අඩි 4 කට වඩා උසකින් යුක්ත අතර වගා කර තිබූ භූමි ප්‍රමාණය අක්කර 4 කට වඩා වැඩිය. සැකකරුවන් දෙදෙනෙකුද ගංජා හේනේ සිටියදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
( ප්‍රේමලාල් රත්නායක / විරාජ් ප්‍රණාන්දු / මංජුල සමින්ද )