ඌව පළාත් සභාව මගින් පරිවාස දෙපාර්තමේන්තුව සදහා රැකියා ලබා දීමේදී අත්තනෝමතිකව ක්‍රියා කර ඇතැයි පවසමින් ඌව පළාත් සභාවේ එජාප මන්ත්‍රී කණ්ඩායම මේ වන විට විරෝධතාවයක නිරත වී සිටී.
ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවයක හා සත්‍යාග්‍රාහයක නිරත වී සිටින මන්ත්‍රී වරු පවසන්නේ ඌව පළාත් සභාවේ යහ පාලනය ක්‍රියාත්මක වන්නේ නම් රැකියා ලබා දීමේදී සෑම පක්ෂයක් සදහාම සාධාරණ ආකාරයකට රැකියා බෙදී යා යුතු බවත් එසේ නොකර මහ ඇමති වරයා හා සන්ධානයේ බලධාරින්ට අවශ්‍ය ආකාරයට රැකියා ලබා දී එජාපයට අසාධාරනයක් සිදු කර ඇති නිසා මෙම විරෝධතාවයේ නිරත වන බවයි.
( ප්‍රේමලාල් රත්නායක)