ඌව පළාතේ මෙවර වගා කන්නයේදී ගෝවා අස්වනු මිල පහත වැටී විකුණා ගැනීමට නොහැකි නිසා හරකුන්ගේ ආහාරය සදහා තම අස්වනු දීමට සිදුව ඇතැයි වගා කරුවෝ කියති.
වැලිමඩ , ඌව පරණගම , කැප්පෙටිපොල , ඇටම්පිටිය ආදී ප්රදේශවල බහුලව ගෝවා වගා කර ඇති අතර කිලෝ එකක තොග මිල රුපියල් 10 ක් පමණ වන අතර එම මිලටවත් ගෝවා මිලදී ගැනීම වෙලෙදුන් ප්රතික්ශේප කරන බැව් ගොවීහු කියයි.
ණය තුරුස් වී මහත් බලාපොරොත්තු තබා ගෙන සිදු කල වගාවේ අස්වනු අලෙවි කර ගැනීමට නොහැකිව තමන් අන්ත අසරණව ඇතැයි ගොවීහු කියති.