මෙවර වගා කන්නයේදී බටු අස්වනු මිල පහත වැටීම නිසා තමන් දැඩිලෙස අසරණ වී ඇතැයි ඌවේ බටු ගොවිහු කියයි.
වැලිමඩ , ඌව පරණගම , ඇටම්පිටිය ආදී ප්‍රදේශවල මෙවර බහුලව බටු වගා කර ඇති අතර අස්වනු නෙලීම මිලක් නොමැති නිසා අතහැර දමා තිබේ.
බටු කිලෝවක තොග මිල මේ වන විට රුපියල් අටක් _ දහයක් වන අතර එම මිලටවත් අලෙවි කර ගැනීමට නොහැකි වී ඇතැයි ගොවීහු කියයි.
කැප්පෙටිපොල ආදී ආර්ථික මධ්‍යස්ථාන වල ගොවීන් අලෙවිය සදහා රැගෙන ගිය බටු අලෙවි කර ගැනීමට නොහැකිව ගොවීන් ලත වෙන අයුරු දැක ගත හැකිය.