කදුකරයේ හෙල්මළු ක්‍රමයට සිදුකරන වී වගාවට උච්ත කොළ මඩින යන්ත්‍රයක් නිපදවීමට ඌව පරණගම උඩපේරුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු වන ගාමිණි කුමාරසිරි සමත්ව තිබේ.
ඔහු වෘත්තියෙන් කාර්මිකයෙකි.
කදුකරයේ වී වගාව හෙල්මළු ක්‍රමයට සිදු කරන අතර ගොයම් පෑගීම සදහා ගොවීන් දැඩි වෙහෙසක් දරති. බොහෝ විට මී හරකුන්ගෙන් කොළ පැගීම සිදු කරන අතර දිනකට අධික කාලයක් විශාල ශ්‍රමයක් යොදා කිරීමට ගොවීන්ට සිදුව තිබේ.
මෙම අත්දැකීම් අනුව ගාමිණි ප්‍රකාශ කරන්නේ පවතින භූ ගෝලීය විෂමතාව හේතුවෙන් නවීන කොල මඩින යන්ත්‍ර තම ප්‍රදේශයේ වගා බිම් සදහා කිසිසේත් යොදා ගැනීමට නොහැකි බවයි.
ගාමිණි වර්ෂ හයක් පමන අත්හදා බලා ප්‍රදේශයට ගැලපෙන නවීන කොළ මඩින යන්ත්‍රයක් නිපදවා ඇති අතර මේ වන විට ඔහුගේ කොළ මඩින යන්ත්‍රය ප්‍රදේශයේ වී වගාවන් සදහා සාර්ථකව යොදා ගනී.
කිලෝ ග්රෑම් 70 ක් පමන බරකින් යුක්ත වීම නිසා මෙම සැහැල්ලු කොළ මඩින යන්ත්‍රය තුන් දෙනෙකු හට ඕනෑම දුෂ්කර තැනකට රැගෙන යා හැකි අතර විනාඩි 05 කින් පමන සවි කල හැක. අක්කරයක කොළ මැඩීම සදහා ගතවන උපරිම කාලය පැය හතර හමාරකි. වැය වන ඉන්ධන ප්‍රමාණය පෙට්ට්‍රල් ලීටර් 5 ක් පමනි.
කමත් කැපීමක් අවශ්‍ය නොවන අතර වර්ෂා දින වලදීද අවරණයක් තුල කාර්ය සිදු කල හැකිය. මැඩ ගන්නා වී හොදම තත්වයේ පවති.
මෙම යන්ත්‍රය සදහා පේටන් බලපත්‍රය ලබා ගැනීමට බලධාරින් උදව් කල නොමැත. මෙම යන්ත්‍රය රට පුරා ප්‍රචලිත කිරීමට ගාමිණි වගකිවයුත්තන්ගේ සහය ඉල්ලයි.
ඔහුගේ දුරකථන අංකය – 075 082 5273
( ප්‍රේමලාල් රත්නායක / ආර්. කොගුලන් / මංජුල සමින්ද )