අධිබලැති විදුලි රැහැන් පද්ධතියක් අසල දර කපමින් සිටි ඕහිය වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු කපමින් සිටි දර අත්තක් විදුලි රැහැන් පද්ධතියේ ගැටීම නිසා සිදුවූ විදුලි කාන්දුවකින් මිය ගොස් තිබේ.
මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ ආරුමුගම් සුභ්රමනියම් නැමති ඕහිය වත්ත ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සිවුදරු පියෙකි. ඊයේ පස්වරුවේ තම නිවසට අවශ්‍ය දර කපමින් සිටියදී ඔහු මෙලෙස විදුලි සැර වැදීම හේතුවෙන් මිය ගොස් තිබේ.
(ප්‍රේමලාල් රත්නායක / ආර්.කෝගුලන් )