Home / Uncategorized / ඌව පළාත් සභාවේ ගැටළු යට ගසන බත් පැකැට් මාධ්‍යවේදියෝ

ඌව පළාත් සභාවේ ගැටළු යට ගසන බත් පැකැට් මාධ්‍යවේදියෝ

ඌව පළාත් සභවේ පළාත් සභා රැස්වීම් වාර්තා කිරීමට යන ඇතැම් මාධ්‍යවේදීන්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් ඌව පළාතේම ජනතාවට අගතියක් සිදුවී ඇතැයි වාර්තා වේ.

පළාත් සභාවේ විවිධ ගැටළු හා බලධාරින්ගේ ක්‍රියා කලාප සභාව තුල වාර්තා වුවද මෙම කල්ලිවාදි මාධ්‍යවේදීන් පිරිස මාධ්‍ය ඔස්සේ එම කාරණා හෙලි නොකර පළාත් සභා ලොක්කන්ගේ ගුණ පමණක් මේ වන විට මාධ්‍ය ඔස්සේ පල කිරීමට කටයුතු කරන අතර ඌව පළාත් සභාවේ ප්‍රධානියෙකු පසුගිය දිනක පළාත් සභාවේදී මාධ්‍ය වේදීන්ට කියා සිටියේ එක් අයෙකු පමණක් පළාත් සභාවට විරුද්ධව මාධ්‍ය ඔස්සේ වාර්තා කරන බවත් අනෙක් අය අපේ කොල්ලන් බවත්ය.

කෙසේ වෙතත් ඌව පළාත් සභාවේ ලොක්කන්ගේ හිත දිනා ගැනීම සදහා ඉහත සදහන් මාධ්‍ය නඩය හා පළාත් සභාවේ මාධ්‍ය මාපියාව අතර මේ වන විට සීතල යුද්ධයක් හට ගෙන ඇතැයි වාර්තා වන අතර නම් හෙලි නොලක ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදියෙකු අප සමග පැවසුවේ පළාත් සභා වාර්තා කිරීමට යන මාධ්‍ය වේදීන් හට පළාත් සභාවෙන් ලබා දෙන දිවා ආහාරය පවා වලක්වා ලීමට පළාත් සභාවේ මාධ්‍ය මාපියාව මගින් කටයුතු කරන බවය.

ඌව පළාත් සභාව තුල බත් පැකැට් එකට යට වී ජනතාවගේ සත්‍ය තොරතුරු දැන ගැනීමේ අයිතියට වැට නොබදින ලෙසත් මාධ්‍ය වෘත්තිය ගණිකා වෘත්තියේ නොයදවන ලෙසත් ඇතැම් බත් පැකැට් මාධ්‍යවේදීන්හට ප්‍රදේශයේ ජනතාව දැණුම් දෙයි.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *