වැලිමඩ හා ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ සදහා පවතින ප්‍රධානතම රෝහල වන වැලිමඩ මූලික රෝහලේ මරණ පරික්ෂණ සිදු කිරීම සදහා හරියාකාර ස්ථානයක් නොමැතිකම නිසා මහජන විවේකාගාරයේ හා ගරාජය තුල මරණ පරික්ෂණ සිදු කිරීමට සිදුව ඇතැයි බදුල්ල හදිසි මරණ පරික්ෂක සංගමයේ දිස්ත්‍රික් සංවිධායක ඩබ්.එම්. කරුණාරත්න මහතා පවසයි.
මරණ පරික්ෂකවරු පස් දෙනෙකු පමන මෙම රෝහලට සේවය ලබා දෙන අතර පවතින කුඩා කාමරයේ මරණ පරික්ෂණ කිසිසේත්ම සිදු කිරීමට නොහැකි බැව් කරුණාරත්න මහතා කියති. තමන් හට මරණ පරික්ෂණ සිදු කිරීම සදහා වෙනත් ස්ථානයක් ලබා දෙන ලෙස වෛද්‍ය අධිකාරිවරයාගෙන් ඉල්ලු විට පුළුවන් නම් මරණ පරික්ෂණ සිදු කරන ලෙසත් බැරිකෙනෙකුට අයින් වෙන ලෙසත් ඔහු පැවසූ බැව් කරුණාරත්න මහතා පවසති.
මේ පිළිබදව වැලිමඩ මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි රොහාන් මාපාගෙන් විමසු විට මෙසේ පැවසිය.
රජයෙන් මොචරියක් සමග සැලසුම් කල හොද කාමරයක් තියෙනවා. මේ අයගේ වැරදි වහගන්න තමයි මේ වෙනත් කාමරයක් ඉල්ලන්නේ.මේ අය ගේ මරණ පරික්ෂණ වලත් ගැටළු තියෙනවා. මේ අය කිසිම පරික්ෂනයක් නැතිව වෛද්‍ය වරයාට නියෝග කරනවා මිනිය කපන්න කියලා. ඊට පස්සේ තමයි මරණ පරික්ෂණය කරන්නේ. මෙය නීති විරෝධියි. මේ වගේ නිතී විරෝධි වැඩ වහගන්න තමයි වෙනත් තැනක් ඉල්ලන්නේ.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්. කෝගුලන් )