ඌව පරණගම දිසා රෝහල ඌව පළාත් සභාව මගින් ප්‍රාදේශීය රෝහලක් බවට පත් කිරීමට එරෙහිව ප්‍රදේශයේ ජනතාව දැවැන්ත විරෝධතාවයක නිරත විය.
ග්‍රාම නිළධාරි වසම් 40 ක පමණ 50000 කට අධික ජනතාවක් ප්‍රතිකාර ලබන මෙම රෝහල සතු උපකරණ හා වාහන පවා ඉවත් කරමින් බලධාරින් මෙම රෝහල වසා දැමීමට කටයුතු කරන බැව් පැවසූ විරෝධතා කරුවෝ මේ පිටුපස වෛද්‍ය මාපියාව මෙන්ම නිළධාරි වාදයද ක්‍රියාත්මක වන බැව් පවසයි.
රෝහල අසල සිට අඹගස්දෝව නගරයට පෙලපාලියකින් පැමිණි විරෝධතා කරුවෝ වැලිමඩ ඌව පරණගම ප්‍රධාන මාර්ගය පැය 2 ක පමන කාලයක් හරස් කරමින් විරෝධතාවයේ නිරත විය.
විරෝධතාවය අතර තුර ඌව පළාත් සභා අමාත්‍ය උපාලි සමරවීර මහතා එම ස්ථානයට පැමිණ ප්‍රකාශ කර සිටියේ ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමති තුමා සමග සාකච්ඡා කර 7 වන දා විසදුමක් ලබා ගත හැකි බවයි. මෙහිදී අමාත්‍ය වරයා දුරකථනයෙන් අදාල බලධාරින්ද ඇමතීය.
මෙහිදී විරෝධතා කරුවන්ගේ දැඩි හූ හඩ නිසා අමාත්‍ය වරයා සහ විරෝධතා කරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්වයක් ඇති විය.
7 වන දා සාකච්ඡාවෙන් පසු විසදුමක් නොලැබුන හොත් දිවි පරදුවට තබා හෝ දිසා රෝහල බේරා ගැනීම වෙනුවෙන් සටන් වදින බැව් විරෝධතාකරුවන් පැවසිය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )