වැලිමඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ බැහර කරන කැළි කසල වැලිමඩ _ හපුතලේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශයට බැහැර කිරීමට එරෙහිව ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාව වැලිමඩ_ හපුතලේ මාර්ගයේ 3 කණුව ප්‍රදේශය හරස් කරමින් දැවැන්ත විරෝධතාවයක නිරත විය.
මාර්ගයේ ටයර් පුලුස්සා පැවැත්වූ මෙම විරෝධතාවය හේතුවෙන් පැය 3 ට අධික කාලයක් මාර්ගයේ රථ වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර විය.
ජනතාව හට ප්‍රාදේශීය සභාවේ මෙම අක්‍රමවත් කුණු බැහැර කිරීම හේතුවෙන් ගම්මාන වල විසීමට පවා නොහැකි වී ඇතැයි පැවසූ විරෝධතා කරුවෝ වැලිමඩ ප්‍රදේශීය සභාවේ බලධාරින්ගේ ඇස් පොට්ටවී ඇතැයි පැවසීය.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද / ආර්.කෝගුලන් )