Home / Uncategorized / වැලිමඩට මත්කුඩු එන්නේ ඇතැම් ප්‍රයිවට් බස් වලින් _ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

වැලිමඩට මත්කුඩු එන්නේ ඇතැම් ප්‍රයිවට් බස් වලින් _ රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර

වැලිමඩ ප්‍රදේශයට හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් රැගෙන එන්නේ කොළඹ සිට වැලිමඩ දක්වා පැමිනෙන ඇතැම් පෞද්ගලික බස් රථ වලින් බැව් කම්කරු හා වෘත්තීය සමිති සබදතා රාජ්‍ය අමාත්‍ය රවීන්ද්‍ර සමරවීර මහතා කියයි.

අමාත්‍ය වරයා මේ බව ප්‍රකාශ කලේ වැලිමඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේදීය.

මේ පිළිබදව එහිදී අදහස් දැක්වූ වැලිමඩ පොලිස් ස්ථානාධිපති අනුරාධ හේරත් මහතා කියා සිටියේ මිය ගිය අයගේ හැදුණුම්පත් උපයෝගි කරගෙන සිම්පත් මිලදී ගෙන හෙරොයින් ජාවාරම් කරුවන් ඊසි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වන නිසා අත්අඩංගුවට ගැනීමේදී දැඩි බාධා ඇතිවන බවත් නමුත් ලැබෙන තොරතුරු අනුව අත්අඩංගුවට ගැනීම් සිදු කරන බවත්ය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ රවීන්ද්‍ර සමරවීර මහතා මධ්‍යම රාත්‍රී 12 න් පසුව වැලිමඩ නගරයට කොළඹ සිට පැමිනෙන ඇතැම් පෞද්ගලික බස් රථ වලින් ප්‍රදේශයට හෙරොයින් රැගෙන එන බවට විශ්වාසදායි ආරංචි ලැබී ඇති බවත් තරුණ පරපුර වනසන මෙම ජාවාරම් කරුවන් උපරිම ශක්තිය යොදා අත්අඩංගුවට ගත යුතු බවත් පැවසීය.

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *