වැලිමඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොල ඉදිරියේ පවතින කාණු පද්ධතිය අසූචි කාණු පිරී උතුරා යෑමෙන් දැඩි සෞඛ්‍ය හා පාරිසරික හානියක් සිදුව තිබේ.
මාස කිහිපයකට පෙර ප්‍රතිසංස්කරණය කිරීමට යැයි පවසා අමන බලධාරින් කාණු පද්ධතිය කඩා දැමීම නිසා මෙම දැඩි සෞඛ්‍ය ගැටළුව සිදුවූ බැව් නගර වාසීහු චෝදනා නගති. මේ වන විට බැහැර කරන අසූචි මිශ්‍ර කුණු කසල හේතුවෙන් නගරය පුරා දැඩි දුගදක් හමන අතර මැස්සන් බෝ වීම හේතුවෙන් අසල පිහිටි ආපන ශාලා සහ ආහාර අලෙවි සැල් වලටද ජනතාව නොයන බව වෙලෙදුන් කියති.
අසූචි මිශ්‍ර අපද්‍රව්‍ය කඩා බිද දැමූ කාණු පද්ධතිය ඔස්සේ උමා ඔයට එක්වී දැඩි පාරිසරික හානියක් සිදුව තිබේ.
ජනතාව දැඩි පීඩාවට පත්ව තිබෙන මෙම සෞඛ්‍ය ගැටළුව පිළිබදව වගකිවයුතු වැලිමඩ ප්‍රාදේශීය සභාව හා සෞඛ්‍ය බලධාරින් බිහිරන් හා අන්ධයක් සේ මුනිවත රැකීම දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බැව් නගරවාසින් කියති. ජනතාවගේ සෞඛ්‍ය වෙනුවෙන් පාරට බැසීම හැර වෙන විකල්පයක් නැති බවද ඔවුහු කියති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )