බෝඹුරුඇල්ල හා හග්ගල කදුකර රක්ෂිත වනාන්තර වල දිවි ගෙවන ගෝනුන් ඇතැම් පුද්ගලයින් විසින් මස් පිණිස දඩයම් කරන බව ප්‍රදේශවාසිහු කියති.
මෙම කදුකර වනාන්තර වල විශාල ප්‍රමාණයේ ගෝනුන් සිටින අතර ගිණි අවි සහ වෙනත් ක්‍රම භාවිතා කරමින් ඇතැම් පුද්ගලයන් ගෝනුන් දඩයමේ නිරත වන අතර නුවරඑළිය , වැලිමඩ හා තදාසන්න ප්‍රදේශවල ඇතැම් සංචාරක හෝටල් සහ විවිධ පුද්ගලයන්ගේ උත්සව අවස්තාවන් සදහා ගෝන මස් සැපයීමේ සංවිධානාත්මක ජවාරම් පවතින බැව් ප්‍රදේශවාසිහු කියති.
ප්‍රදේශවාසින් පවසන්නේ මෙම ගෝනුන් දඩයමේ නිරත වන්නේ අවට ගම්වාසින් නොවන බවත් පිට පළාත් වලින් පැමිනෙන පුද්ගලයන් බවත් ඔවුන් හට නීතිය ක්‍රියාත්මක වන්නේ ඉතා කළාතුරකින් බවත්ය.
කදුකරය සුන්දර කරන මෙම ගෝනුන් වදව යෑමට නොදී දඩයම් කරුවන්ගෙන් ආරක්ෂා කර දීම නිතිය රකින අයගේ වගකීම බැව් පරිසරවේදිහු පෙන්වා දෙති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )