Home / Uncategorized / ඌවේ ඉන්නේ තම විෂය පථය ගැනවත් අවබෝධයක් නැති මහ ඇමති කෙනෙක් _ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ( Video )

ඌවේ ඉන්නේ තම විෂය පථය ගැනවත් අවබෝධයක් නැති මහ ඇමති කෙනෙක් _ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ( Video )

ඌව පළාතේ ජනතාව කණගාටු විය යුතු බවත් ඌවේ සිටින්නේ තම විෂය පථය ගැනවත් අවබෝධයක් නැති මහ ඇමති වරයෙක් බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පැවසීය.

ඒ මහතා මෙසේ ප්‍රකාශ කලේ බණ්ඩාරවෙල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී අදහස් දැක්වූ චමින්ද විජේසිරි මහතා
බණ්ඩාරවෙල මහ නගර සභාවේ හිටපු නගරාධිපතිගේ අත්තනෝමතික ක්‍රියා කලාපය පිළිබදව විශේෂ කොමසාරිස් කෙනෙක් පත් කරන්න කියලා ඌව පළාත් සභාව තීරණයක් අරන් තියෙනවා. ආණ්ඩුකාර වරයාගෙන් මහ ඇමති වරයා මේ පිළිබදව ඉල්ලීමක් කර ඇති බව සදහන් කොට මාධ්‍ය වාර්තා පල වෙනවා. හිටපු නගරාධිපති මම විදියට මේකට උත්තර දෙන්න මම බැදිලා ඉන්නවා. මේ යෝජනාව ගේනකොට පළාත් සභාවේ එජාප මන්ත්‍රින් හිටියත් මේ ගැන වචනයක් කථා කලේ නෑ. මහ ඇමති කියනවා මම පළාත් සභාව ගෙනියන්න ඉඩ දෙන්නේ නැතිලු. යහ පාලනය ගේනන කැප උනේ අපිනම් වැරදි කරනකොට අපි පෙන්නලා දෙනවා.

මහ ඇමති වරයා තමයි හිටපු කොමසාරිස් වරුන්ට තර්ජනය කරලා තියෙන්නේ. ඒ පිළිබදව සාක්ෂි තියනවා. මම පනතේ මට පැවරිලා තියෙන බලතල අනුවයි වැඩ කරලා තියෙන්නේ. ඔනැම දේකට ලැස්තියි. ළමුන්ට පාසැල් බෑග් බෙදා දීමේ විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව මේ මහා මූල්‍ය වංචාව හෙලි වෙලා තියෙන්නේ. හිටපු කොමසාරිස් වරුන්ට තර්ජනය කරලා තමන්ගේ වැඩ මහ ඇමති කොර ගත්ත හැටි සාක්ෂි සහිතව අපිට තියෙනවා. සියළු කාරණා හෙලි කරන්න ලැස්තියි.

( වීඩියෝව බලන්න )

img_1040

img_1052

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *