වැලිමඩ දෙකේ කණුව ප්‍රදේශයේ දොලොස් හැවිරිදි පාසල් සිසුවියකට ලිංගික අතවර සිදු කිරීමට ගිය තරුණයෙකු ප්‍රදේශවාසීන් විසින් පහර දී අල්ලාගෙන ගස් බැද පොලිසියට භාර දී තිබේ.
ගුරුතලාව මහතැන්න ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන විසිහය හැවිරිදි මුස්ලිම් ජාතික සැකකරු අදාල සිසුවිය පාසල් ඇරී නිවසට පැමිණෙන විට පසු පසින් පැමින සිසුවිය නිවසට ඇතුල් වූ පසු සැකකරුද නිවසට ඇතුළු වී මෙම අතවරය සිදු කිරීමට උත්සහ දරා තිබේ.
බියට පත් සිසුවිය කෑ ගසමින් නිවසේ පිටු පස දොරින් එළියට පැන ඇති අතර සිසුවියගේ කෑ ගැසීම ඇසි එම ස්ථානයට පැමිණි අසල් වැසියන් සැකකරුට පහර දී අල්ලාගෙන ගස් බැද පොලිසියට භාර දී තිබේ.
සිද්ධිය සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )