Home / Uncategorized / වැලිමඩ නගරයේ වෙළදසැල් බොහොමයක භාණ්ඩ මහ පාරේ _ පාරිභෝගිකයින්ට දැඩි පීඩා ( Photos )

වැලිමඩ නගරයේ වෙළදසැල් බොහොමයක භාණ්ඩ මහ පාරේ _ පාරිභෝගිකයින්ට දැඩි පීඩා ( Photos )

වැලිමඩ නගරයේ බොහෝ වෙළදසැල් වල අලෙවියට තබා ඇති භාන්ඩ වෙළදසැල් ඉදිරිපිට මාර්ගයේ තබා තිබීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටී.

විල්බැරෝ , ප්ලාස්ටික් ජල ටැංකි , තෙල් බැරල් , යකඩ කම්බි ඇතුළු බොහෝ ද්‍රව්‍ය මෙලෙස මාර්ගය අයිනේ තබා තිබීම නිසා නගරයට පැමිනෙන රථ වාහන නවතා තැබීමට නොහැකි තත්වයක් උද්ගතව තිබේ. මීට අමතරව වෙළදසැල් හිමියන්ගේ රථ වාහන උදෑසන සිට සවස් වන තුරු වෙළදසැල් ඉදිරිපිට නවතා තැබීම නිසාද මෙම තත්වය ඇති වී තිබේ. මෙලෙස නවතා ඇති රථ වාහන අදාල වෙළද සැලෙන් භාණ්ඩ මිලදී ගැනීම සදහා යම් පුද්ගලයෙකු වාහනයකින් පැමිනියහොත් වෙළදසැල් හිමියාගේ වාහනය ඉවත් කර ඉඩ පහසුකම් සපයා දෙන බවත් එසේ නොවන අවස්ථාවල කිසිසේත් එම වෙළදසැලට අයිති වාහන ඉවත් නොකරන බවද ජනතාව පවසති.

මෙලෙස මාර්ගය අයිනේ තබා ඇති භාණ්ඩ වාහන නතර කිරිම සදහා ඉඩ පහසුකම් සපයා ගැනීම සදහා ඉවත් කිරීමට පිටතින් පැමිනෙන රථ වාහන හිමියන් කටයුතු කල හොත් වෙළද සැල් හිමියන් විසින් සිය බලය පෙන්වමින් පිටතින් පැමිනෙන අහිංසක රථ වාහන හිමියන්ට බැන වදින බවත් ජනතාව කියති.

දැනට දින කිහිපයකට පෙර සිට වැලිමඩ නගරයේ මාර්ගය දෙපස රථ වාහන නතර කිරීම ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට සිදු කිරීමේ වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කර තිබේ. මේ අනුව වාහන නතර කිරීමට නොහැකි දිනයන්හිදී මාර්ගයේ වැරදි පැත්තේ වාහන නතර කර තිබුනහොත් රථ වාහන පොලිසියේ නිළධාරින් විසින් එම වාහන වලට නීතිය ක්‍රියාත්මක කරන බව ජනතාව පවසන අතර එම මාර්ගයේ වැරදි පැත්තේ මාර්ගයේ තබා ඇති ප්ලාස්ටික් බැරල් ආදී ඉහත සදහන් ද්‍රව්‍ය තබා ඇති විට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවකු කටයුතු නොකරන බවට ජනතාව චෝදනා කරති.

එම නිසා මෙම අසාධාරණය ගැන බලධාරින් කඩිනමින් අවධානය යොමු කර වැලිමඩ නගරයට පැමිනෙන ජනතාවට සිය රථ වාහන නවතා තැබීමට අවශ්‍ය ඉඩ පහසුකම් සපයා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටී.

මෙම තත්වය සම්බන්ධව නිසි බලධාරින් ක්‍රියා කරන ආකාරය සම්බන්ධව Badulla news අවධානයෙන් සිටී.

2

3

4

5

6

7

1

( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක / ආර්. කෝගුලන් )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *