වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩා පාසලේ නැගී එන දක්ෂ ක්‍රීඩිකාවක් ලෙස දිල්රුක්ෂි සමරකෝන් සිසුවිය හැදින්විය හැකිය.
විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබන අය මීටර් 5000 සහ මැරතන් ධාවනයේ යෙදෙමින් සමස්ථ ලංකා ජයග්‍රාහන ලබා ගනිමින් විද්‍යාලයට මහත් කීර්තියක් අත්කර දී තිබේ. මහනුවර බෝගම්බර පිටියේ පැවති සමස්ථ ලංකා පාසල් මළල ක්‍රීඩා උලෙලේ මීටර් 5000 තුන්වන ස්ථානය දිනා ගත් ඇය අම්බලන්ගොඩ පැවති සමස්ථ ලංකා මිනි මැරතන් තරගයේ දෙවන ස්ථානය දිනා ගෙන තිබේ.
පසුගියදා ඇඹිලිපිටියේ පැවති ජෝන්ටාබට් අර්ධ මැරතන් තරගයේ ඇය ප්‍රථම ස්ථානය ලබා ගෙන තිබේ.
වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ නේවාසිකව හිදිමින් ක්‍රීඩා කටයුතු වල හා අධ්‍යාපන කටයුතු වල ඇය නිරත වන්නේ දැඩි දුෂ්කරතා මැදය. ඇයගේ මව පියා දෙදෙනාම අහිමිව තිබේ. මේ වන විට විද්‍යාලයේ ක්‍රීඩා භාර ආචාර්ය වරුන්ගේ හා විදුහල්පති තුමියගේ කාරුණික අනුග්‍රහය මත ඇය සිය කටයුතු දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ගෙන යති.
අනාගතයේ දක්ෂ ක්‍රීඩිකාවක් වෙමින් රටට කීර්තියක් ගෙන ඒම දිල්රුක්ෂිගේ එකම බලාපොරොත්තුවයි. ඇයගේ අනාගත පැතුම් සාර්තක කර ගැනීම සදහා ඔබටත් හැකි අයුරින් උදව් කල හැකියි.
කථා කරන්න අපිට
071 3172084 / 077 2558723
( ප්‍රේමලාල් රත්නායක )