ඌව පරණගම මැතිවරණ කොට්ඨාශයේ යාලගමුව ගම්මානයට වර්ෂ ගණනාවක සිට පවතින වන අලින්ගේ තර්ජනය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවට පත්ව තිබේ.
මේ වන විට රන්දෙනිගල රක්ෂිතයේ සිට දිවා රාත්‍රී ගම්මානයට ඇතුළු වන වන අලින් ජීවිත හානි දෙකක් සිදු කර ඇති අතර බව භෝගද රැසක් විනාශ කරන බව ජනතාව කියති.
ප්‍රදේශයේ වන අලි හානිය නිසා වී වගාව අතහැර දමා ඇති අතර කෙසෙල් , පොල් හා පුවක් ආදී ස්ථිර භෝගද වන අලින් දැඩි ලෙස විනාශ කර දමති.
වන අලින් තම ගම්මානයට පැමිණිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මඩුල්ල දෙසින් හා වියළුව වාසනා ගම දෙසින් අලි වැටක් ඉදි කර තම ගම්මානය දෙසට අලි වැටේ කටවල් ඇරී තිබීම නිසා උමා ඔය දෙසින් අලින් ඇතුල් වන බැව් ජනතාව කියති.
තමන් මේ පිළිබදව බලධාරින් කොපමණ දැණුවත් කලද අඩුම තරමින් අලි වෙඩියක් වත් නොලැබුනු බවට ගම්වාසීන් චෝදනා නගති.
තම පාරම්පරික ගම්බිම් වල ජීවත් වීමට අලි වැටක් ඉදිකර දෙන ලෙස ගම්වාසීහු බලධාරින්ගෙන් ඉල්ලා සිටී.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )