මේ දින වල පවතින අධික නියං තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ උසම දිය ඇල්ල වන හල්දුම්මුල්ල කළුපහන ප්‍රදේශයේ පිහිටි අඩි 863 ක් උස බඹරකන්ද දිය ඇල්ලද සිදී ගොස් තිබේ.
කුඩාඔය කඩා හැලීමෙන් බඹරකන්ද දිය ඇල්ල නිර්මාණය වන අතර ප්‍රදේශයට මාස හයක පමණ කාලයක් පවතින දැඩි නියං තත්වය හේතුවෙන් මෙසේ මෙම දිය ඇල්ල ඉතා කුඩා දිය පහරක් බවට පත්ව ඇතැයි ප්රදේශවාසිහු කියති.
මේ හේතුවෙන් ඇල්ල නැරඹීමට පැමිනෙන සංචාරකයින්ද නොයන තරම්ය. එම නිසා තම ආර්ථිකයද පහත වැටී ඇතැයි බඹරකන්ද අවට වෙළදසැල් හිමියන් පවසති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )