Home / Uncategorized / හාල්ඔය සිදී යාමෙන් ගොවීන් අසීරුවේ ( Photos )

හාල්ඔය සිදී යාමෙන් ගොවීන් අසීරුවේ ( Photos )

මේ දින වල පවතින දැඩි නියං තත්වය හේතුවෙන් ඌව පරණගම ප්‍රදේශයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන හාල්ඔය සිදීයෑමෙන් ප්‍රදේශයේ අර්තාපල් හා එළවළු ගොවීන් දැඩි පීඩාවට පත්වී තිබේ.

ගොවීන් සදහන් කරන්නේ ණය වී කල වගාව නියගයෙන් බේරා ගැනීමට ණය තුරුස් වී හෝ ජලය පොම්ප කිරීමට සිදුවී ඇති බවය. ජලය වගාවන්ට පොම්ප කිරීම සදහා ඉංධන හා විදුලිය සදහා විශාල වියදමක් යන බව ගොවීහු කියති. තවද ජල මෝටර් සහ කුලී කරුවන් සදහාද ගෙවීම් කිරීමට සිදුවීමෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇතැයි ඔවුහු කියති.

පොම්ප කිරීමට පවා ජලය හාල්ඔයෙහි නොමැති අතර බලධාරින් මැදිහත් වී අසරණ වී ඇති තමන් හට ඉංධන සහනාධාරයක් හෝ ලබා දෙන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.

7

8

9

10

( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *