වැලිමඩ තුනේකණුව හා අළුගොල්ල රජයේ වන වගාවල අද පස්වරුවේ ඇතිවූ ගිනි ගැනීම් හේතුවෙන් අක්කර 25 කට අධික ප්‍රමාණයක් හානියට පත්ව තිබේ.
එරබද්ද වන වගා බල ප්‍රදේශයට අයත් මෙම වන වගාව පුරා මෙම ගින්න පැතිර යෑම වැලැක්වීම සදහා වන සංරක්ෂණ නිළධාරින් දැඩි පරිශ්රමයක නිරත වේ.
පවතින දැඩි නියං තත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් පුද්ගලයන් හුදු විනෝදය තකා මෙම ගිනි ගැනීම් සිදු කරති.
මෙවැනි සාපාරාධි අපරාධ සිදු කරන පුද්ගලයින් නිතියේ රැහැනට හසු කර දීමට ප්‍රදේශවාසීන්ගේද සහයෝගය අවශ්‍ය බව පරිසර වේදීහු කියති.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )