Home / Uncategorized / සිසුවිය බලෙන් සිප ගත් පාදඩ ගුරාට ඇප

සිසුවිය බලෙන් සිප ගත් පාදඩ ගුරාට ඇප

හසලක ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක හතරවන වසරේ ඉගෙනුම ලබන දැරියක් පාසල තුලදී අපයෝජනයට ලක් කලා යැයි සැක පිට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කල පාසල් ගුරුවරයෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට මහියංගන මහේස්ත්‍රාත් නිශානි තේනබදු මහත්මිය නියෝග කලේය.

පාසල නිම වී පාසලේ පැවති උපකාරක පන්තියකට සහභාගීවී ඇති අදාල දැරිය විවේක කාලයේදී පිටතට පැමිණී අවස්තාවේදී වෙනත් පන්තියක සිටි ගුරුවරයෙකු බලෙන් ඇය සිප ගෙන මෙම අපයෝජනය සිදු කර තිබේ.

ප්‍රදේශවාසියෙකු වන සැකකරු විසිහත් වර්ෂයක ගුරු සේවයේ නියුතු වන විවාහකයෙකු වෙති.

සිද්ධිය පිළිබද හසලක පොලිසිය පරික්ෂණ සිදු කරති.

( ප්‍රේමලාල් රත්නායක )

About premalal

Check Also

ජූඩ් සිල්වා පියතුමන් බදුල්ල නව රදගුරු ලෙස නම්කිරීම අප්‍රේල් 22 වනදා !

නව රදගුරුතුමාගේ පූජක ජීවිතය තුළ ළෙන්ගතුව ඇසුරු කළ හා ආදර්ශයන් ලබාගත් ලක්දිව කිතුනු සභාවේ යුගපුරුෂයන් ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *