ස්තූප වන්දනා පිංකමක් ඊයේ ( 27 දා ) කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරස්ථානයේදී පැවැත්වින.
කිරවනාගම ශ්‍රී සුමන පුෂ්පාරාම විහාරාධිපති කිරවනාගම අරියවංශ ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් කිරවනාගම පාරමී තරුණ බෞද්ධ සමිතිය විසින් දෙවන වරටත් මෙම පිංකම සංවිධානය කර තිබිණ.
රාජකීය පණ්ඩිත හසකල සීලවිමල හිමියන් විසින් මෙම ස්තූප වන්දනා පිංකම මෙහෙය වීය.
ප්‍රදේශයේ මහ සංඝරත්නය ඇතුළු සැදැහැවතුන් විශාල පිරිසක් මෙම පිංකම සදහා එක්ව සිටියහ.
( මංජුල සමින්ද / ප්‍රේමලාල් රත්නායක )