වැලිමඩ නුවරඑළිය ප්රධාන මාර්ගයේ ගවරම්මාන ප්රදේශයේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් නුවරඑළිය යුධ හමුදා කදවුරට අනුයුක්තව සේවයේ යෙදී සිටි සාජන් මේජර් වරයෙතු අද අළුයම ජීවිතක්ෂයට පත්විය.
මෙසේ මිය ගොස් ඇත්තේ වැලිමඩ මාවිතිකුඔුර පදිංචි වයස අවුරුදු 39 ක දෙදරු පියෙකි. ඔහු අද අළුයම තම නිවස බලා යමින් සිටියදී ඔහු ගමන් කළ යතුරු පැදිය මාර්ගයෙන් ඉවතට පැන බෝක්කුවකට වැටීමෙන් මෙම අනතුර සිදුවී තිබින.
අනතුර සම්බන්ධව වැලිමඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරති.
( මංජුල සමින්ද / ආර්. කෝගුලන් )