වැලිමඩ බොරලන්ද හින්නාරංගොල්ල ශ්‍රී සුභද්‍රාරාම විහාරාධිපති විජේකෝන්ගෙදර සුමනතිස්ස නාහිමියන් සිය එකසිය තුන්වන ජන්ම දිනයට පා තැබීය.
1914 දී කැප්පෙටිපොල බෝගහකුඹුර විජේකෝන්ගෙදර උපත ලද උන් වහන්සේ එක්දහස් නවසිය තිස් දෙකේදී විජේකෝන්ගෙදර සුමනතිස්ස නමින් පැවිදි දිවියට පත්විය. 1939 දී ඌව සියම් නිකායේ ප්‍රථම උපසම්පදා භික්ෂුව වන්නේද උන් වහන්සේය.
ප්‍රදේශය පුරා අතිමහත් ශාෂනික හා සමාජීය මෙහෙවරක් කරන උන් වහන්සේගේ එකසිය තුන්වන ජන්ම දිනය යෙදුනු අගෝස්තු මස 14 වන දින හින්නාරංගොල්ල ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ උන් වහන්සේට දීර්ඝායු පතා ආගමික වැඩසටහන් රැසක් පැවත්විය.
වර්තමාන විහාරාධිකාරි රත්කරව්වේ පේමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් පැවති මෙම ආගමික වැඩසටහන් සදහා ඌව සියම් මහ නිකායේ අනුනායක වැහිරේ සෝරත නායක හිමිපානන් ඇතුළු මහා සංඝරත්නය ප්රමුඛ ගිහි පැවිදි විශාල පිරිසක් මේ අවස්තාවට එක්ව සිටියහ.
බදුල්ල නිවුස් උන් වහන්සේගේ ශාෂිනික සේවාව තවත් චිරාත් කාලයක් කර ගෙන යෑමට ලැබේබායි ප්‍රාර්ථනා කර සිටිමු.
( ප්‍රේමලාල් රත්නායක / මංජුල සමින්ද )